2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

පොරොන්දු කැඩූ නගරාධිපතිට මතක හිටින දඬුවමක්!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 06:57 184

මාර්ග පිළිසකර කර දෙන බවට වූ පොරොන්දුවක් නගරාධිපතිවරයා ඉටු නොකිරීම හේතුවෙන් දකුණු මෙක්සිකෝවේ ගොවීන් පිරිසක් ඔහුට මතක හිටින දඬුවමක් දී ඇත. සිය නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන යාමෙනි. ඡන්ද කාලේ දුන් පොරොන්දු අනුව ගමට පාරක් අලුත් වැඩියාකර නොදී කර ඇරීම මෙයට හේතුව බව කියයි.

මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ ලාස්මාගරීටාස් නගරාධිපති ජෝර්ජ් ලුයීස් එස්කැන්ඩන් හෙරෙන්ඩස් මෙවන් සිද්ධියකට මුහුණපෑ දෙවෙනි වතාව මෙයයි. නගරාධිපතිවරයා පික්අප් වර්ගයේ වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබුණි. සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා ඇත. මෙයට මාස හතරකට පෙරද පිරිසක් නගරාධිපති අල්ලාගන්නට කාර්යාලයට කඩාවැදී තිබුණි.

බිම දිගේ ඇදගෙන යන නගරාධිපති බේරාගන්නට නාගරික පොලිසියේ භටයන් දුසිම් ගණනකට මැදිහත්වන්නට  සිදුවිය. පොලිසිය සමගද මේ අය ගැටීම නිසා නගරාධිපති පැහැරගත් කිහිප දෙනකුටද තුවාල සිදුවිය. නගරාධිපති  ජෝර්ජ් ලුයීස් මේ අයට එරෙහිව පැහැරගෙන යාම සහ මරණයට  තැත් කිරීම යන චෝදනා ගොනුකිරීමට  නියමිතය.  සැකපිට පුද්ගලයන් එකොළොස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම සිදුවීමෙන් පසුව ප්‍රදේශයේ ආරක්ෂාවට අතිරේක පොලිස් නිලධාරීන්ද යොදවා තිබුණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00