2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ප්‍රංශ පොලීසියත් පාරේ විරෝධතාවක!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ප්‍රංශ පොලීසියත් මේ දිනවල තොග පිටින් මහපාරට බැහැලාය. ඒ සුපුරුදු ලෙස විරෝධතාකරුවන්ට පහර දෙන්නට නොව තමන්ම විරෝධතාවක් ආරම්භ කරන්නටය. තමන්ට ලබාදෙන පහසුකම් ඉහළ දමන ලෙස ඉල්ලමින් ප්‍රංශ පොලිස් නිලධාරීන් මේ විරෝධය අරඹා ඇත.

නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ යෝජනාවක් සහ පොලිස් නිලධාරීන් රැසක් දිවිනසා ගැනීමේ සිදුවීම් මුල් කර ගනිමින් ප්‍රංශ පොලිස් නිලධාරීන් අරඹා ඇති මෙම විරෝධතාව  නම්කර තිබෙන්නේ “කෝපයේ පෙළපාලිය” යනුවෙනි.

සේවා ස්ථානයේ පහසුකම් අවමවීම හා පොලිස් විරෝධී ප්‍රතිපත්ති හේතුවෙන් තම නිලධාරීන් පීඩාවට පත්ව සිටින බවද ඔවුහු කියති. ඒ හැරත් මේ වසර තුළ පමණක් පොලිස් නිලධාරීන් පනස් දෙදෙනෙකු දිවිනසාගෙන ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි. විරෝධතාව අතරතුරදී දිවිනසාගත් පොලිස් නිලධාරීන්ට ගෞරව දැක්වීමක්ද සිදුකර තිබුණි. සිය කෝපයේ පෙළපාලිය ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ‘කහ කබා’ විරෝධතාවට සමාන බවටද විරෝධතාකරුවන් අනතුරු අඟවා තිබේ. කහ කබාකරුවන්ගේ හා තමන්ගේ ඉල්ලීම් එක හා සමාන බවද ඔවුහු කියති.

 

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30