2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

භාණ්ඩ රැසකට ඇමෙරිකා බදු!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ස්කොට්ලන්ත විස්කි, ප්‍රංශ වයින්, චීස් ඇතුළු යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩ රුසකට බදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන ඇත. මෙම බදු ඔක්තෝබර් 18 වැනි දින සිට බලපැවැත්වෙන අතර මේ සඳහා හේතු වී ඇත්තේ යුරෝප සංගමය සහ ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය අතර පවතින වෙළද අර්බුදයයි.

මේ අනුව යුරෝපයෙන් ආනයනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන සිය ගණනක් සඳහා බදු පනවා තිබේ. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය යුරෝපයේ නිෂ්පාදිත ගුවන් යානා සඳහාද 10%කට අධික බද්දත් පනවා ඇති අතර ඇමරිකානු ගුවන් සමාගම් මේ හේතුවෙන් දැඩි අසීරැතාවට පත්ව ඇත. ලෝක වෙළඳ සංවිධානය මගින් ඇමරිකාව විසින් පැනවූ මෙම බදු අනුමත කර ඇත.

මේ සමග ලෝක ආර්ථිකයද දැඩි බලපෑමකට ලක්ව ඇත. මීට පෙර චීනය සම්බන්ධව ඇමෙරිකා එක්සත් ජපදය අනුගමනය කළ වෙළඳ ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක ආර්ථිකය තුළ පැන නැගුණ අර්බුදයේ ස්වරූපයට සමාන ගැටුමක් නැවතත් හටගනු ඇති බවට මත පළ වී තිබේ.