2017 මාර්තු 11 වන සෙනසුරාදා

සෝපාවක වැතිරී පාසල් යමුද?

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

රූපවාහිනිය ළඟින් නැගිටලා පාසල් යන්නට කම්මැලි දරුවන් පාසලට ගෙනයන්නට අලුත්ම කාර් රථයක් මග එන බව වොක්ස්වැගන් සමාගමේ ආරංචි මාර්ග වාර්තාකර තිබෙනවා. සෝපාවක් බඳු දිගු ආසන සහිත හුරුබුහුටි මේ රොබෝ රථය තමන්ම රියැදුරු සේ ක්‍රියාකරන ස්වයංක්‍රීය වාහනයකි. කෘත්‍රිම බුද්ධිය උපරිම ලෙස යොදාගන්නා මෙය බොත්තමක් එබීමෙන්, නැතිනම් ගමන්ගන්නා අයගේ කටහඬට සංවේදී වීමෙන් නැත්නම් මොබයිල් ඇප් එකක් මගින් පාලනය කළ හැකිය. මෙහි වින්ඩ්ස්ක්‍රීනය අවශ්‍ය විටෙක රූපවාහිනියක් ලෙසද ක්‍රියාකරන නිසා ඉතා සුවපහසු ලෙස ගමනක යෙදීමට හැකියි. තමන්ම පැදවෙන රථය යන අර්ථය කෙටිකර මෙය හඳුන්වා ඇත්තේ සෙඩ්රික් Sedric (Self Deriving Car) ලෙසයි.

බ්‍රිතාන්‍යයේ මාර්ගවලට සෙඩ්රික් පැමිණෙන්නට නියමිතව ඇත්තේ 2020දී පමණලු. මෙහි ක්‍රියාකාරීත්වය හරියටම නයිට්රයිඩර් චිත්‍රපටයේ දුටු වාහනය වාගේමලු. 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00