2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පරිසරය රකින අමුතු මල් උයන

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 188

පිලිපීනයේ දකුණුදිග බාසිලාන් පළාතේ ලැමීතාන් නගරයේ අමුතු මල් උයනක් දක්නට ලැබේ. එහි ඇත්තේ ටියුලිප් මල්ය. නමුත් එම උද්‍යානයේ විශේෂත්වය වන්නේ එහි ඇති සියලුම මල් නිර්මාණය කර තිබෙන්නේ ප්ලාස්ටික් බෝතල්වලින් වීමයි. ප්ලාස්ටික් බෝතල් තිස්දහසක්, ටියුලිප් මල්වල හැඩයට කපා වර්ණ ගැන්වීමෙන් අලංකාර උද්‍යානය නිර්මාණය කර තිබේ.

ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය ලෙස එක්රැස්වීම ලැමිතාන් නගරයට විශාල ගැටලුවක්ව පැවති බව එහි නගරාධිපතිනිය මාධ්‍ය වෙත පවසා තිබුණේය. ඉවතලන බෝතල් යොදා ගනිමින් නිර්මාණය කළ මෙම උද්‍යානය සංචාරක ආකර්ෂණය දිනාගැනීමට මෙන්ම පරිසර දූෂණයටද හොඳ විසඳුමක් බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි. ප්ලාස්ටික් බෝතල්වලින් සැකසූ ටියුලිප් මල්වලින් සමන්විත උද්‍යානය සඳහා අවශ්‍ය වූ බෝතල්, ලැමිතාන් නගරය අවට ගම්මාන 45කින් රුස් කරගත් බවයි උද්‍යානයේ නිර්මාණකරැවන් ප්‍රකාශ කළේය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00