2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ප්‍රංශයේ හිටපු ජනාධිපති ජාක් ෂිරාක් මියයයි

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවර ජාක් ෂිරාක් මියගියේය. ඒ වනවිට ඔහු 86 වැනි වියේ පසුවිය. ඔහුගේ පාලන කාලයේ ප්‍රංශ විදෙස් පිළිවෙත දැඩි ස්වාධීන බවක් ඉසිලුවේය. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පදයට නොනැටූ යුරෝපීය රට හැටියට එරට ප්‍රසිද්ධ වූයේ ෂිරාක් සමයේදීය.

 2003 වසරේ අමෙරිකානු ඉරාක ආක්‍රමණයට එකඟ නොවූ ඔහු එම අර්බුදයට අත පෙවීමෙන් වැළකී සිටියා පමණක් නොව වොෂිංටන් පදයට නටන යුරෝපා රටවල හැසිරීමද දැඩිව විවේචනය කළේය. පෝලන්තය, හංගේරියාව සහ චෙක් ජනරජයේ වගකීමක් රහිත හැසීරිම ඔහුගේ දෝෂදර්ශනයට ලක්විය. රට තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය ඒ තරම් කැපී පෙණුන උත්කර්ෂවත් බවක් පෙන්වූයේ නැත. නමුත් සියලු ආගමිකයන් ඒකරාශි කර ගන්නට ඔහු සමත්විය. තරුණ සමයේ ඔහු රුසියානු කිවි අලෙක්සාන්දර් පුෂ්කින්ගේ ඉයුජීන් ඔනිගන් 2008දී ප්‍රංශ බසට නැගුවේය. ප්‍රංශ රුසියා යහ සබඳතාවට අඩිතාලම දැමීම ගැන සහ මානව හිතවාදීත්වය සලකා 2008 දී රුසියාවේ ජාතික රාජ්‍ය සම්මානයද ඔහුට තිළිණ කෙරිණි. 1995- 2007 කාලයේදී ප්‍රංශය ලිබරල් ධනවාදී මාවතකට  ගෙන ආවේ ඔහුය.

පැරීසියේ නගරාධිපති ධූරයද දැරූ ඔහු ඝාතන ප්‍රයත්න දෙකකින් දිවි ගලවාගන්නටද සමත්විය. වසර 2000 දී ඔහු සහ ආර්යාව ගමන්ගත් කොන්කොර්ඩ් යානය තවත් යානයක ගැටී ගිනිගත්තේය. එහිදී ඔවුන්ගේ දිවි බේරුනේ හාස්කමකින් මෙනි. ඉන් දෙවසරකට පසු බැස්ටීල දින සැමරුමට සහභාගී වීමට යද්දී ඉලක්කකරුවෙක් නිලරථයට එල්ල කළ වෙඩි පහරකින් ඔහු දිවි බේරා ගත්තේය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00