2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

චීනයේ ඇඟිලිපහේ ගුවන්තොට!

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

පසැඟිල්ලෙකුගේ ස්වරූපයෙන් යුතුව සකස් කෙරුණු චීනයේ ඉදිකළ විශාලතම ගුවන්තොටුපොළ ජනාධිපති ෂී ජින් පින් විවෘත කළේය. එය බීජිං නුවර පිහිටා ඇති ඩාසින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළයි. ඉන් බීජිං, ටියෑන් ජියෑන් හා හැබෙයි යන පළාත් පැයක පමණ කාලයකින් සමීප කෙරෙනු ඇත. ජනතා අයිතියට පත් කෙරුණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වාර්ෂිකව මගීන් මිලියන 45ක් හැසිරවීම චීන රජයේ අපේක්ෂාවයි. එය 2025 වසර වනවිට මිලියන 72 දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරෙයි.

ඩාසින් ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ රටේ සංචාරක මර්මස්ථාන කිහිපයකට පහසුවෙන් සමීප විය හැකි ස්ථානයකය. පිහිටා තිබේ. මෙම නව ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමගින් රටේ ආර්ථිකයට දැඩි පිටුවහලක් වනු ඇති බවයි විදෙස් පුවත් සඳහන් කළේය. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00