2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඊශ්‍රායල් සභාගයත් ලත්තැනම සුන්!

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

බෙන්ජිමන් නෙතනියාහු සමඟ එකගෙයි කෑමකට තමන් කිසිසේත්ම සූදානම් නැති බව ඊශ්‍රායලයේ හිටපු හමුදා ප්‍රධානියෙක් වන බෙනී ගැන්ට්ස් කියා තිබේ. ඒ සමඟ සභාග රජයක් ගැන අගමැති බෙන්ජිමන් නෙතනියාහු ඉදිරිපත් කළ අදහස ලත්තැනම ලොප් වී ගියේය. මාස 05කින් පසු ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූයේ ඉකුත් අඟහරුවාදාය. පෙරමුණ ගෙන සිටින්නේ එරට විපක්ෂ අපේක්ෂක බෙනී ගැන්ට්ස්ය. ඔවුන් ආසන 33ක් දිනා ගත් අතර බෙන්ජිමන් නෙතනියාහුගේ පක්ෂය සඳහා ලැබුණේ ආසන 31 කි. කිසිම පක්ෂයක් තනිව බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 57 සපුරා නැත.

බලය ලෙහෙසියෙන් අත්හරින්නට අකමැති - අගමැති බෙන්ජිමන් නෙතනියාහු සභාග රජයකට එක්වන්නැයි සිය ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී බෙනී ගැන්ට්ස් හට ආරාධනා කර තිබුණි. ඊශ්‍රායලය සඳහා ශක්තිමත් රජයක් අවශ්‍ය බවත්, එය ස්ථාවර රජයක් විය යුතු බවත් අරාබියේ සහාය ලබන පක්ෂයක් යටතේ රට පාලනය කළ නොහැකි බවත් අගමැති බෙන්ජමින් නෙතනියාහු කියයි. තමන් සන්ධානයකට ගියත් ඒ නෙතනියාහු සමඟ නම් නොවන බව වැඩි ඡන්ද දෙකකින් දිනූ බෙනී ගැන්ට්ස් කියයි. ඔහුට සභාගයකදි ආසන 57 ක් ලබාගත හැකිය. බලය ලෙහෙසියෙන් අත්හරින්නට අකමැති - අගමැති බෙන්ජිමන් නෙතනියාහු හට ආගමික හිතවාදී පක්ෂවල ආධාර ලැබුණ ද හිමිවන්නේ ආසන 55 කි. එහෙත් ඔහු බලය අතහැරීම සඳහා තවම කල් මරමින් සිටී. මේ අතර ජනාධිපතිවරයා ප්‍රධාන පක්ෂ නායකයන් 9 දෙනා සමඟ සභාග රජයේ මුල් පුටුව හිමිවිය යුත්තේ කාටද යන්න ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

මාස පහක කාලයක් තුළ ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහ මැතිවරණය මෙයයි. පසුගිය අප්‍රේල් මස පැවැති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජිමන් නෙතනියාහුට පාලක සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වීම හේතුවෙන් හදිසි මැතිවරණයක් කැඳවීමට තීරණය කර තිබුණි. දැන් එහි ප්‍රතිඵලය ද රට කළඹන සුළුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00