2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ගඟක් රකින මෝදිගේ වෙන්දේසිය

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:29 102

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අන්තර්ජාල වෙන්දේසියකට ලකලැස්තිව සිටියි. ඒ අනුව  තමන්ට ලැබුණු විවිධ අයුරේ තෑගි මෙම මස 14 වැනි දින සිට වෙන්දේසි කිරීම සඳහා පියවර ගෙන ඇත. මෙහිදී ඔහුට ලැබුණ ත්‍යාග 2700ක් වෙන්දේසි කිරීමට නියමිතය. ඉන්දීය රුපියල් 200 සිට ලක්ෂ 2.5 දක්වා වටිනාකම්වලින් යුත් මෙම ත්‍යාග අතරේ වැඩිම වටිනාකමක් ඇති ත්‍යාගය වන්නේ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන බීනා කන්නන් විසින් තෑගි කරනු ලැබූ සිල්ක් නූලෙන් නිම වූ මෝදිගේ පිළිරුවකි. 

පසුගිය මාස 6ක කාලයක තිස්සේ මෝදිහට ලැබුණ ත්‍යාග පමණක් මෙසේ වෙන්දේසි කරනු ලබයි. එම ත්‍යාග අතර විවිධ ඉස් පළඳනා, සාටක, විවිධ සිතුවම්, අසිපත් ආදී ඔහුට විවිධ සංවිධාන සහ පුද්ගලයින් වෙතින් ලැබුණු ත්‍යාග අයත් වේ. වෙන්දේසිය සඳහා යොමුකරන ලද මෝදිගේ ත්‍යාග මේ වනවිට ඉන්දියාවේ National Gallery of Modern Arts හී දී ප්‍රදර්ශනය සඳහා තබා ඇත. 

අගමැති මෝදිගේ ත්‍යාග මෙසේ වෙන්දේසිකර ලැබෙන මුදල් සියල්ල නමාමි ගංගා නැමති ගංගා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට නියමිතය. මීට ඉහතදීද ජනවාරි මාසයේදී පැවැත්වූ වෙන්දේසිකදී ත්‍යාග 1800ක් වෙන්දේසි කර ඇත. ඒ සඳහා 4000ක පමණ පිරිසක් ලංසු තබන්නන් පිරිසක් සහභාගී වූහ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00