2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ සරණාගත තාප්පය නීතිගතයි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ සටන් පාඨයක් කලකට පසු ජයගෙන තිබේ. ඔහුගේ  සංක්‍රමණික ප්‍රතිපත්තිය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරණු ලැබීමත් සමගය.

තුන්වන ලෝකයේ රටවල සිට ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් රටේ දේශ සීමාවලට ඇතුළු වීමට පෙර ඇමෙරිකාවෙන් සරණාගතභාවය අපේක්ෂා කළ යුතු බවට මෙම නීතිය මගින් තහවුරු කරන ලදී. විශේෂයෙන්ම මධ්‍යම ඇමෙරිකාවේ සිට මෙක්සිකෝව හරහා පැමිණෙන් සංක්‍රමණිකයන්ටද මෙම නීතිය අදාළ වේ. මෙම නීතිය මීට පෙර ස්ථාපිත කරන්නට ට්‍රම්ප් රජය විසින් ගන්නා ලද උත්සාහය අසාර්ථක වූයේ එරට පහළ අධිකරණයක් මගින් එය අවහිර කිරීමත් සමගිනි. දැන් මෙම ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කළ සංක්‍රමණික නීතිය  පිළිබඳව එරට ශ්‍රේෂ්ඨාධිකරණ  අනුමැතිය ලබා දී හමාරය.

රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව අවම කිරීම ඇමෙරිකානු ජනපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තියක් වූ අතර 2020 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඔහු විසින් සිය පොරොන්දුව ඉටු කිරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඔහු විසින් මෙසේ සංක්‍රමණික නීති දැඩි කිරීම සම්බන්ධව ජාත්‍යන්තරව මෙන්ම මානව හිමිකම් සංවිධාන  රුසක් විසින්ද ඔහු විවේචනය කරනු ලැබිණ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00