2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

හොංකොං විරෝධය ජනතාව ජයගනියි!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම්, ආන්දෝලනාත්මක උදර්පණ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව නිවේදනය කළාය. එරට ප්‍රධාන නීතිවේදීන්, ආණ්ඩුවේ නියෝජිතයින් සහ චීන ජාතික ජනතා කොංග්‍රසය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇත. ආන්දෝලනාත්මක පනත් කෙටුම්ත සකස් කර ඇත්තේ දේශපාලන නඩු විභාග කිරීම, චීනයට පවරමිනි. මේ යටතේ එවැනි නඩුවලට පෙනී සිටින සැකකරුවන් චීනයට උදර්පණය කිරීමට යෝජනා වී තිබිණ.

ඊට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූයේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඊට එල්ල වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් නීති කෙටුම්පත අත්හිටුවීමට නායිකා කැරී ලෑම් පියවර ගත්තේ ගතවූ ජූනි මාසයේදීය. එහෙත් උදර්පණ නීති කෙටුම්පත මුළුමණින්ම ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් හොංකොං වැසියෝ අඛණ්ඩව විරෝධතාවල නිරත වූහ. ඒ ජනතා විරෝධතා මාස පහකට අධික කාලයක් පැවතිණි. පොදු දේපළවලට හානි කරමින්, රාජ්‍ය ආයතන සියතට ගනිමින් ජනතාව අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ. නායිකා කැරී ලෑම්ට ධුරයෙන් ඉවත්වන ලෙසත් විරෝධතාකරුවන් බලකර සිටියහ. මේ අන්දමට අදාළ කෙටුම්පත මුළුමණින්ම ඉවත් කර ගැනීමට ගත් තීරණය විරෝධතාකරුවන් ලද විජයග්‍රහණයකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00