2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ඉම්රාන්ගේ කාර්යාලයේ ලයිට් කපයි!

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ලේකම් කාර්යාලයේ විදුලිය කප්පාදු කළ පුවතක් වාර්තා වී ඇත. පාකිස්තානයේ ප්‍රධාන රජයේ කාර්යාලයක් වන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැරීමට හේතුව එම කාර්යාලය දිගින් දිගටම විදුලි ගාස්තු ගෙවීම අතපසු කිරීමය. බැරිම තැන පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන තිබුණි.

මාස කිහිපයක් පුරා එහි බිල්පත් නොගෙවා තිබුණි. කඩිනමින් විදුලි බිල ගෙවා අවසන් කරන ලෙසින් මණ්ඩලය අවසන් නිවේදන නිකුත් කර තිබුණි. එහෙත්  අගමැති ලේකම් කාර්ය මණ්ඩලය එය නොසලකා හැර ඇත. ඒ අනුව මෙලෙස විදුලිය කප්පාදුවට පියවර ගත් බව විදුලිබල මණ්ඩලය අනාවරණය කර තිබුණි.

ගතවූ මාස කිහිපයේදී අගමැති ලේකම් කාර්යාලයට විදුලිය සැපයීම වෙනුවෙන් පාකිස්තාන රුපියල් කෝටි ගණනක් අයකර ගැනීමට ඇතැයි මෙම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. මේ මාසයේදී පමණක් එහි විදුලි බිල පාකිස්තාන රුපියල්  ලක්ෂ 41ක් වූ බව සඳහන්ය. ගතවූ වසර කිහිපය පුරාවට විදුලි කප්පාදු කිරීම් පාකිස්තානයෙන් නිරන්තරයෙන්ම වාර්තා වුණි. කෙසේ නමුත් රජයේ ප්‍රධාන කාර්යාලයක මෙවන් තත්ත්වයක් වාර්තා වීම දුලබ සිද්ධියකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00