2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ලොව වේගවත්ම කත අනතුරකින් මියයයි!

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

වේගයෙන්ම රිය පැදවීමේ නව ලෝක වාර්තාවක් සඳහා ගත් උත්සාහයකදී ලොව වේගවත්ම කාන්තාව ලෙස හැඳින්වූ ඇමරිකානු ජාතික ජෙසී කොම්බ්ස් මියගොස් තිබේ.

රෝද හතරේ වාහනයක් වේගයෙන්ම පැදවූ ජීවමාන කාන්තාව ලෙස නම්දැරූ 39 හැවිරිදි ජෙසී දරුණු මෝටර් රථ අනතුරකට ලක්වූයේ තවත් වාර්තාවක් බිඳ හෙළීමට කටයුතු කරද්දීය. ජෙසී එහිදී උත්සාහ කර තිබෙන්නේ 1976 දී පැයට කිලෝමීටර් 824ක (පැයට සැතපුම් 512) වේගයකින් රථයක් පදවා තැබූ කිටි ඕ නීල්ගේ ලෝක වාර්තාව බිඳ හෙලීමටය. ඒ සඳහා ජෙට් බලශක්තියෙන් යුත් මෝටර් රථයක් ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ධාවනය කරමින් සිටියදී ඇය  අනතුරකට ලක් වූවාය.

ජෙසීගේ එකම බලාපොරොත්තුව වූයේ පෘතුවියේ වේගවත්ම කාන්තාව වීමය. එය ඇය 2012 සිට හඹා ගිය සිහිනයකි. ජෙසී ලොව රෝද හතරේ වේගවත්ම කාන්තාව ලෙස හැඳින්වූයේ 2013 වර්ෂයේදී ඇය පැයට කිලෝමීටර් 641ක (පැයට සැතපුම් 398) වේගයෙන් වාහනයක් ධාවනය කිරීම නිසාය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00