2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජාලය ජංජාල කළ තායි බිසවගේ පින්තූර

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

පුහුණු ගුවන් නියමුවරියක, හෙදියක සහ ආරක්ෂක නිලධාරිනියක වන තායිලන්ත රජුගේ එක් අග මෙහෙසියකගේ දුර්ලභ ඡායාරූප පෙළක් ඉකුත්දා කළඑළි බැස්සේය. තායිලන්ත රජුගේ සිව්වන බිරිඳ වන 34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි ප්‍රහාරක ගුවන් නියමු ඇඳුමකින් සහ ආයුධ සන්නද්ධ හමුදා ඇඳුමකින් සැරසී සිටින මෙම ඡායාරූප මාලිගාවේ වෙබ් අඩවියේ පළ කර තිබුණි. ඒ සමඟ මේ ඡායාරූප බලන්නට අති විශාල පිරිසක් මාලිගාවේ වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටිණි.

67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රුජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය.

රටේ සම්ප්‍රදාය අනුව ඇය මෙලෙස රාජකීය නිල සහකාරිය තනතුරට  පත්වන්නෙ සිය වසරකට පමණ ආසන්න කාලයකින් පසු පළමුවරටය. එසේ පත්කළ සීන්නීනාත් වොන්වෂිරාපක්දි හමුදාවේ මේජර් ජෙනරාල්වරියකි. පුහුණු ගුවන් නියමුවරියක්, හෙදියක් සහ ආරක්ෂක නිලධාරිනියකද වන සීන්නීනාත් වොන්වෂිරාපක්දිගේ “චරිතාපදානය ලියා තබන ලෙසට” තායිලන්ත රජු නියම කළ බවද මාලිගාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.