2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

එවරස්ට් ප්ලාස්ටික් තහනම!

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

එවරස්ට් කන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත්කිරීමට නේපාලය තීරණය කර ඇත. ලබන වසරේ ජනවාරි සිට එය ක‍්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන යාම තහනම් වෙයි. ප්ලාස්ටික් ඇසුරුම්, බීම බට සහ ඇතැම් ජල බෝතල්ද ඊට අයත්ය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් එවරස්ට් කඳුවැටියට බලපෑම් එල්ල වී ඇත. පසුගිය දිනවලදී කඳුවැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්ද නේපාලයේ මූලිකත්වයෙන් ආරම්භ විය. පසුගිය වසරේ එවරස්ට් කලාපයට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව පනස් හය දහස් තුන්සිය තුනකි. එය ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීම නේපාලයේ අරමුණයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00