2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඉතියෝපියාවේ වාර්තාගත වනවගාව

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 193

නිරන්තරයෙන් නියඟයට මුහුණ දෙන රටක් වන ඉතියෝපියාව එක්  දිනක් ඇතුළත පැල ලක්ෂ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් සිට වන්නට සමත් වූ බව වාර්තා වේ. එරට බලධාරීන් විශ්වාස කරන පරිදි එය ලෝක වාර්තාවකි. රට පුරා දේශීය පැල කෝටි 400 ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණය. එම ව්‍යාපෘතියට නායකත්වය දෙන්නේ ඉතියෝපියාවේ අගමැති අබි අහමඩ්ය. වන විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඩපැවැත්වීම එම ව්‍යාපෘතියේ අරමුණය.
රජයේ සේවකයන්ට පැල සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි.අගමැති අබි අහමඩ් ද පැල සිටුවීමේ ව්‍යාපෘතියට එක් විය.

විසි වෙනි ශතවර්ෂයේ මුල භාගයේ දී සම්පූර්ණ භූමියෙන් 35% වූ ඉතියෝපියාවේ වන වගාව 2000 වසරින් පසු 4% දක්වා අඩු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ‘හරිත උරුමයකට මුලපිරීම යන මැයෙන් ආරම්භ කළ අගමැති අබි අහමඩ්ගේ රුක් රෝපණ ව්‍යාපෘතිය රටපුරා ස්ථාන දහසක දී ක්‍රියාවට නැංවිණි.

පැය දොළහක් ඇතුළත පැල ලක්ෂ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් රෝපණය කළ බව නව නිර්මාණ සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය ගෙටහුන් මෙකුරියා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, අප්‍රිකානු සංගමය සහ විදෙස් තානාපති කාර්යාල සේවකයන් සහ නියෝජිතයන් ද රැක් රෝපණ ව්‍යාපෘතියට එක්ව සිටියහ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00