2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

නවාස් ෂරීෆ්ගේ දියණියත් අත්අඩංගුවට

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

සිය පියා රඳවා සිටින ලාහෝර් නුවර පිහිටි බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී පාකිස්තානයේ  හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් අත්අඩංගුවට ගෙන ඇත. දූෂණ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එරට විපක්ෂය නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙකු අත්අඩංගුවට පත් වූ ආසන්නතම අවස්ථාව මෙයයි.

පාකිස්තාන විපක්ෂ දේශපාලන නායිකාවක් මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත්තේ එරට දූෂණ මර්දන ඒකකයයි. දුෂණ චෝදනා හේතුවෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වනවිට සිර දඬුවමකට යටත් කර ඇත. ඔහු රඳවා සිටින ලාහෝර් නුවර පිහිටි බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී  මරියම් නවාස් ඇයත් සමඟ සිටි ඥාතී සොහොයුරා ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. පවුලට අයත් සීනි කම්හලක් හා සම්බන්ධ නඩු විභාගයක් හේතුවෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නවාස් පවුල දශක තුනක් තිස්සේ එරට දේශපාලනයට සැළකිය යුතු බලපෑමක් කිරීම හේතුවෙන් ඔවුන් දේශපාලන පළිගැනීම්වල ගොදුරක් බවට පත්ව ඇති බව විරුද්ධවාදීන්ගේ අදහසයි. පාකිස්තාන වත්මන් රජයේ සහ අගමැති අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රබලම විවේචකයෙක් ලෙස මරියම් නවාස් සැළකෙයි.එමෙන්ම සිය පක්ෂය සම්බන්ධයෙන් මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කරමින් ඇතැම් අවස්ථාවල ඇය හමුදාවද විවේචනය කර තිබුණි.

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30