2017 මාර්තු 04 වන සෙනසුරාදා

ඔබාමාට අලුත් ඡන්දයක්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එරට පමණක් නොව ලෝකයේද තවමත් ජනකාන්ත චරිතයකි. පසුගියදා ඔහු සිය බිරිය සමඟ එක්ව තමන්ගේ වතගොත ඇතුළත් පොත ලියන්නට ගිවිසුමකට ප්‍රකාශන සමාගමක් සමඟ අත්සන් තැබුවේය. එයද ඓතිහාසික ගිවිසුමකි. 

‍ඔබාමාගේ ජීවන කතාව පළකරන්නට ලෝක ප්‍රසිද්ධ පෙන්ගුවින් රුන්ඩම් හවුස් ආයතනය වාර්තාගත ඩොලර් මිලියන 60ක මිලක් නියමකර තිබුණි. මේ අතර ඔබාමාට ප්‍රංශයේ ජනාධිපති වන්නට යැයි ඉල්ලීමක් නැගී ඉදිරිපත්ව තිබුණි. ප්‍රංශයේ පැරිස් නගරයේ තැන් 17ක පමණ ඔව් අපිට පුළුවන් යන පාඨය සහිත ඔබාමාගේ පෝස්ටර දක්නට ලැබුණි. ඔබාමා හට ප්‍රංශයේ ජනාධිපති පදවියට එන්නට යැයි ඉල්ලා සිටින පෙත්සමකට 42000ක් පමණ ඔන්ලයින් ඔස්සේ අත්සන් තබාද තිබුණි. පසුව හෙළිවූයේ මෙය බියර් වටයකට එක්වූ මිතුරන් හතරදෙනකු කවටකමට පලකළ ඡන්ද විමසිල්ලක් බවය. ඔබාමාට ප්‍රංශයේ ජනාධිපති වන ලෙස ඉල්ලා මේ පෙත්සම ඔවුන් පලකර ඇත්තේ ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික හැකියාව මෙන්ම පළපුරුද්ද සලකා බලාය.

කෙසේ වුවද ඔබාමාගේ සමීප ආරංචි මාර්ග පවසා තිබුණේ ඔහු නැවතත් කොංග්‍රසයේ නායකත්වයට පැමිණෙන බවය. ඔහු නැවත එනවා යැයි මේ තැනැත්තා කියා තිබුණේ ට්‍රම්ප් පාලනය වැඩිදුර නොයන බව අනතුරු අඟවමිනි.

සංස්කරණය සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00