2017 මාර්තු 04 වන සෙනසුරාදා

රේස් හමාරයි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 290

මෙතෙක් කලක් කාර් රේස් ගිය වාහනවලට දැන් ආයුබෝවන් කියන්නට කාලය පැමිණ තිබේ. රේස් කාර්වලට පමණක් නොව රේස් රියැදුරන්ටත් කණකොකා හැඬවෙන හැඩය. අලුත්ම හඳුන්වාදීමක් වන මේ විදුලි මෝටර් රථය රියැදුරෙක් රහිත රේස් දුවන වාහනයකි.

Robo race ලෙස හඳුන්වන මෙම කාර් රථය කැමරා ගණනාවකින් හා රේඩාර් මගින් සිය ගමන්මග නිරීක්ෂණය කරමින් තනිවම හැල්මේ යාමේ සමතෙකි. කිලෝග්‍රෑම් 975ක් බරුති  මීටර් 4.8ක් දිගැති මීටර් දෙකක් පළලැති මෙය 340kw -540kw දක්වා බලගැන්වූ බැටරියකින් ක්‍රියාත්මකය. ඇන්ජින් 4ක් සහිතය. මේ වර්ගයේ Robo race කාර් 2ක තරගයක් මේ වසර අගදී පැවැත්වීමට නියමිතය. රේස්වල අනාගතය තීන්දුවන්නට නියමිත එදාටය.