2017 මාර්තු 04 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍ය රජ පුටුවට යැංකියෙක්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

 

එංගලන්ත The Times පුවත්පතේ පලවූ පත්‍ර දැන්වීමක් නිසා දැන් එරට රජකම අභියෝගයකට ලක්ව තිබේ. අමෙරිකාවේ කොලරාඩෝවේ වෙසෙන එවන්ස් නැමැති යැංකියකු කියා ඇත්තේ එංගලන්ත රජපුටුව නියම ලෙස උරුම තමන්ට බවය.

වේල්සයේ ආරම්භකයා වන ක්‍යුනෙඩ්ඩා ව්ලෙඩ්ජ්ගේ පරම්පරාවෙන් කෙලින්ම පැවත එන්නා තමන් බව ඔහු සිය දැන්වීමෙන් කියයි. රාජකීයත්වයට මෙන්ම වේල්සයේ සියලු වත්කම්වලටද අයිතිය කියන ඔහු තවත් මාසයක් තුළ තමන්ගේ අයිතිවාසිකම් ලබාගන්නට ක්‍රියාකරන බව එංගලන්තවාසී සියලු දෙනාට මෙයින් දන්වා තිබේ. නමුත් ඔහු රජපුටුවේ ඉඳ ගන්නට තවම බලාපොරොත්තුවක් නැත. ඒ රුජන කෙරේ ඇති සානුකම්පිත ගෞරවය නිසාය. රුජන මියගිය පසු ඔහු සිය සිහසුනට පත්වන්නට නියමිතය. ඔහු කියන්නේ ට්‍රම්ප් අනුව යමින් ඔහු බ්‍රිතාන්‍යය ලොව උසස්ම රට බවට නැවත පත්කරන බවය. ඉතිහාස කතා රචක ටොල්කින්ගේ මිථ්‍යා කතාවක දැක්වෙන සේ බටහිර ජාතීන් නැවත නැගී සිටිනා බවත් රජු නැවත පැමිණෙන්නට නියමිත බවත් ඔහු සිය මහා දැන්වීමේ පලකර තිබේ. එවන්ස් කොලරාඩෝහි වීට් රිඩ්ජ් පළාතේ දිවි ගෙවන්නෙකු වන අතර එහිද ඉඩම් අයිතිය පිළිබඳ පලහිලව්වකට එළැඹුණ කෙනෙකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00