2019 ජුලි 13 වන සෙනසුරාදා

ජපානයෙන් අභ්‍යාවකාශ වාර්තාවක්!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

මානව ඉතිහාසයේ මුල් වතාවට මිනිස් අතින් තැනූ යානයක් පෘථිවියෙන් ඉතා බැහැරින් පිහිටි ග්‍රාහකයක් වෙත ගොඩ බැස්සේය. ශීතකරණයක් තරම් වන මෙය “හයබුසා ටූ” නමැති ජපාන අභ්‍යාවකාශ යානයයි. එය සුළු මොහොතකට ගොඩ බැස සාම්පලයක් ලබා ගත්තේ පෘථීවියේ සිට කිලෝ මීටර මිලියන 300ක් ඈතින් පිහිටා ඇති රෑගුයු නමැති ග්‍රහකය මතය. මීට පෙර අවස්ථාවේදී එය යාන්තමින් ග්‍රාහකය ස්පර්ශ කළා පමණි.

සෞරග්‍රහ මණ්ඩලය බිහි වී ඇති ආකාරය සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණවලට අදාළව වැදගත් වනු ඇතැයි සැලකෙන පස් සාම්පල මෙහිදී ලබාගෙන ඇත. මෙම යානය ජපාන අභ්‍යාවකාශ ඒජන්සිය මගින් යැවූවකි. එහි සාර්ථකත්වය ගැන ඔවුන් කියා තිබුණේ එය සියයට - දහස් ගුණයක් සාර්ථක වූ හැටියටය. තමන් මුල් වතාවට විශ්වයේ අතීතයෙන් කොටසක් තමන් සතු කරගත් බවට ඔවුහු උදම් ඇනූහ. මෙතෙක් කලක් මිනිසා සාම්පල ගත්තේ සඳ මතිනි. ඈත දුර අභ්‍යාවකාශ වස්තුවක සාම්පලයක් මේ ලබා ගත්තේ මුල්වරටය.

“හයබුසා-2” මුල්වරට රූගුයු මත ස්පර්ෂ වූයේ පෙබරවාරි මාසයේදීය. එදා ග්‍රහකය මතට වෙඩිල්ලක් තබා ඉන් නිකුත් වූ දූලී එකතු කර ගත්තේය. මෙවර ග්‍රහකය මතින් රැස් කර ගත් අඳුරු පැහැ ද්‍රව්‍ය තුළ මෙයට වසර බිලියන 4.6කට පෙර සූර්යග්‍රහ මණ්ඩලය උපන් කාලයට අයත් වූ කාබණීක සහ ජලීය කොටස් සහිත විය හැකි බව විද්වතුනගේ අදහසයි. උද්දාමයට පත් ජපාන අභ්‍යාවකාශ ඒජන්සි කණ්ඩායම තමන් අතීතයෙන් කොටසක් ඩැහැගත් බව කියා ඇත්තේ එහෙයිනි.

යෙන් බිලියන 30ක් වැයකර තනා අභ්‍යාවකාශ ගත කළ හයබූසා 2 නැවත මෙළොව එන්නට නියමිතව ඇත්තේ ලබන වසරේදීය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00