2019 ජුලි 13 වන සෙනසුරාදා

බිග්-බෙන් මුල්වරට හඬදී වසර 160යි!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 311

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුව නාද වීමට නියමිතව තිබුණේ වසර 160ක අඛණ්ඩ වාර්තාවක් තබමිනි. කෙසේ වෙතත් දැවැන්ත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බිග්බෙන් ඔරලෝසුව මේ වනවිට නිහඬ කර තිබේ. ඒ නිසා මේ 160 වෙනි සැමරුම සිද්ධ වූයේ නිහඬවමය. බිග්බෙන් ඔරලෝසුවේ ඉදිකිරීම් කටයුතු 1859 වර්ෂයේ මැයි 31 වැනි දා අවසන් කෙරුණු අතර එම වර්ෂයේම ජූලි 11 වැනි දා එය පළමු වරට නාද කරනු ලැබුවේය.

ලන්ඩනයේ තේම්ස් ඟං ඉවුරේ පිහිටා ඇති වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ බිග්බෙන් ඔරලෝසුව සහිත එළිසබෙත් කුළුන ඉදිකර තිබේ. මීටර් 96ක් උසැති එළිසබෙත් කුළුනේ සිව් දෙසින් මුහුණත් හතරක් සහිතව බිග් බෙන් ඔරලෝසුව නිර්මාණය කර ඇත. ඔරලෝසුවේ විශ්කම්භය මීටර් 7ක් වන අතර එහි බර ටොන් දහතුනයි දශම 7කි.

මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ද ප්‍රකාශයට පත්කර ඇති අතර ලන්ඩනයට පැමිණෙන සංචාරකයන් බොහෝදෙනකුගේ සිත් ඇද බැඳ ගත් ස්මාරකයකි.

බිග් බෙන් ඔරලෝසුව ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු 2017 වර්ෂයේදී ආරම්භ කරන ලද  අතර එය අවසන් කිරීමට නියමිතව තිබෙන්නේ 2021 වර්ෂයේදීය. එහිදී එළිසබෙත් කුළුණේ ලෝහ වහලය මුළුමණින්ම ගලවා ඉවත් කෙරෙන අතර සම්පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 5කි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00