2019 ජුලි 06 වන සෙනසුරාදා

14ක් පණපිටින් අළුකර දැමූ රුසියාවේ සබිමැරීන ගින්න

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

රුසියාවේ සබ්මැරින ගැන කියද්දී කාටත් මතකයට එන්නේ කලකට පෙර 1990 දී සිදුවූ 118ක් මුහුදට සිරවී මියගිය  “කර්ස්ක්” ඛේදවාචකයයි. පසුගිය සඳුදා රුසියාව නොර්වේ සහ ආක්ටික් දූපත් ආශ්‍රිත බැරන්ට් මුහුදේදී රුසියාවට අයත් කුඩා සබ්මැරිනයක හටගත් මාරාන්තික ගින්නක් දෙස ලෝක අවධානය යොමු වූයේ ඒ පැරණි මතකය ද අවුස්සාලමිනි.

 ඒ ගින්නෙන් පළමු පෙළ කපිතාන්වරැ 7 දෙනෙක් ඇතුළු 14 දෙනෙක් වායු විෂ වීමෙන් මිය ගියහ. සිහි නැතිව අසාධ්‍ය මට්ටමේ සිටි හතර දෙනෙක් රෝහල්ගතව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබති. ගැඹුරු මුහුදු පත්ලේ රහස්‍ය මෙහෙයුමක යෙදී සිටි AS-12 වර්ගයට අයත් මෙය ලොෂාරික් Losharik, නම් ලද විශාල සබ්මැරිනවල බඳ ආශ්‍රිතව වසන් කර රැගෙන යන කුඩා කඩාකප්පල්කාරී ඔත්තු සේවා මෙහෙයුම් යාත්‍රාවකි.

අඩි 6100ක් පමණ ගැඹුරු මුහුද යට කටයුතු කිරීමට සමත් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක මෙය ඔත්තු බලන සංවේදක උපකරණ සාගර පතුලේ තැන්පත් කිරීම ඇතුළු රහස්‍ය මෙහෙයුම්වල යෙදෙන්නකි. ඒ නිසාම “දිය යට කචල් අදින්නා” හැටියට පෙන්ටගනය හඳුන්වා දී ඇති මේ වර්ගයේ යාත්‍රා, කලෙක සිටම බටහිර අමෙරිකානු හිතවාදී කල්ලියේ නොසන්සුන්තාවයට සහ භීතියට හේතු වූ ඒවාය. ගැඹුරු මුහුදු පත්ලේ රහස්‍ය මෙහෙයුම් සඳහා මේවාට ඇති හැකියාව මගින් මුළු ලොවටම සවන් දිය හැකි සහ සමස්ත අන්තර්ජාලයම ජංජාලයක් බවට පත් කළ හැකි ලොව ප්‍රධානතම සන්නිවේදන මාර්ගය වන ට්‍රාන්ස් ඇට්ලැන්ටික් ෆයිබර් කේබල් මාර්ගයට අනතුරු පැමිණවීම හෝ අවභාවිත කිරීමේ දැඩි අවදානමක් පැවතීම නිසාය.

සබ්මැරිනය මුහුදු පර් යේෂණයක නිරත වූ බව කියන රුසියාව එහි ගින්නට හේතුභූත වූ කාරණය එළිදරව් නොකරයි. මියගිය අය අතර එරට ඉහළම සම්මානය වන රැසියානු වීරයා සම්මානයෙන් පුද ලද නිලධාරීන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් රුසියානු නාවුක ලොක්කාගේ බෑණන්ඩියයි. අනෙක් නිලධාරියා මුහුද යට මිලිටරි ආයුධ පරීක්ෂාව සඳහා වූ ප්‍රවිණයෙකි. ජනාධිපති පුටින් විස්සෝප වූයේ මෙය සිය රටටත් හමුදාවටත් සිදුවූ දැඩි හානියක් බව කියමිනි. මෙම සබ්මැරිනය සාමාන්‍ය එකක් නොවන අතර එහි සිටියේ ඉහළම ප්‍රවීණතාවක් සහිත පිරිසක් බව ඔහු කියා තිබුණි.

 

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30