2019 ජුලි 06 වන සෙනසුරාදා

යුරෝපා සංගමයේ මුල් පුටු පෙරළියක්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

යුරෝපා සංගමයේ ඉහළතම ධුරය වන්නේ එහි ප්‍රධානී ධුරයයි. යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය සඳහා පළමු වරට කාන්තාවකගේ නමක් යෝජනා වී ඇත. ඒ ජර්මානු ආරක්ෂක අමාත්‍යවරිය වන උර්සුලා වොන්ඩර් ලෙයෙන්ගේ නමය.   
මේ අනුව එම ධුරය සඳහා කාන්තා නාමයක් යෝජනා වී ඇත්තේ පළමු වරටය.

පසුගියදා පැවැති මැතිවරණයෙන් තේරීපත් වූ නව යුරෝපා සංගම් නියෝජිතයන් අතරින් නායක ධුරයන් සඳහා පිරිස තෝරාපත් කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුණි. ඒ වෙනුවෙන් දිගු සාකච්ඡා වාර රුසක් ද පැවැති අතර සංගමයේ ප්‍රධාන ධුර වෙනුවෙන් නාමයෝජනා පහක් ලබාදීමට හැකියාව ලැබුණි. 

ඩොනල්ඩ් ටස්ක් දැරූ යුරෝපානු කවුන්සිලයේ සභාපතීත්වය සඳහා මෙවර ඉදිරිපත්ව ඇත්තේ බෙල්ජියමේ අගමැති චාල්ස් මිචෙල්ගේ නාමයයි. එහි විදෙස් ප්‍රතිපත්ති ප්‍රධානී ධුරයට ජොසෙප් බොරෙල්ගේ නම යෝජනා වී ඇත. සංගමයේ පස්වැනියට වැදගත් ධුරය වන යුරෝපානු පාර්ලිමේන්තුවේ සභාපතීත්වය සඳහා මෙතෙක් නාමයෝජනා ඉදිරිපත්ව නොමැති අතර එය ඉදිරියේදී නම් කිරීමට නියමිතව පවතියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාර්ඩ්, මෙවර යුරෝපානු මධ්‍යම බැංකුවේ ප්‍රධානී ධුරය සඳහා යෝජනා වී තිබුණි. එම ධුරය සඳහා යෝජනා වූ පළමු කාන්තාවද ඇයයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00