2019 ජුනි 29 වන සෙනසුරාදා

මිනිසා වගේම කතාකරන “සීල්”

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

මිනිසුන්ට සමාන අයුරින් එකම නිෂ්පාදන යාන්ත්‍රණයක් භාවිත කර කථනය සහ ගීත අනුකරණය කිරීමේ විශේෂ දක්ෂතාවක් අළුපැහැ සීල් මත්ස්‍යයින් සතු බව ස්කොට්ලන්තයේ ඇන්ඩෘ සරසවියේ පර්යේෂකයින් පිරිසක් සොයාගෙන තිබේ.

දියුණු මොළයක් ඇති මිනිසාට පවා විදේශීය භාෂාවක් ඉගෙනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් වෙනත් ජීවී වර්ගයක භාෂාව කඩිනමින් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට හැකියාවක් සීල් මත්ස්‍යයන් සතු බව ස්කොට්ලන්ත පර් යේෂකයින් පෙන්වාදී තිබේ.

මෙම පර්යේෂණය සඳහා සීල් මත්ස්‍යයින් තිදෙනෙක් යොදාගෙන තිබේ. සෝලා, ගැන්ඩොල්ෆ් සහ ජැනිස් මෙම අධ්‍යයනයට භාජන වූ සීල් මත්ස්‍යයින් තිදෙනායි. පළමුව එම සතුන්ට පොදු සීල් ශබ්ද අනුකරණය කිරීමට පුහුණුව ලබාදී පසුව ක්‍රමයෙන් මිනිසාගේ කථනය අනුකරණය කිරීමට පුහුණුව ලබා දී තිබේ. එහිදි මිනිසාගේ හඬ අනුකරණය කිරීමට සීල් මත්ස්‍යයන් සතුව අගය කළ යුතු මට්ටමක ඉහළ හැකියාවක් පවතින බව ඔවුන් සිය අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ. ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලය මීට පෙරත් සීල් මත්ස්‍යයින්ගේ භාෂා හැකියාව පිළිබඳව අගනා පර් යේෂණ ලොවට දායාද කර ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00