2019 ජුනි 22 වන සෙනසුරාදා

ඊජිප්තුවේ විරෝධතා රැල්ලක්!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මෝසිට එරෙහිව පැවති නඩු විභාගය අතරතුර  ඔහු ජීවිතක්ෂයට පත්වීමත් සමග රටපුරා ජනතාව වීදි බැස්සාහ. පලස්තීන ඉස්ලාමීය අන්තවාදී හමාස් සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධව මෝසිට එරෙහිව නඩු විභාගය පැවැත්විණ. ඔහුගේ මරණය සම්බන්ධව සාධාරණ මෙන්ම විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අවධාරණය කර සිටී. බලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බවයි.

මොහොමඩ් මෝසි ඊජිප්තුවේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් පත්වූ ප්‍රථම ජනපතිවරයාය. ඒ 2012 වසරේදීය. නමුත් 2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහුව ධුරයෙන් පහකෙරුණේ ඔහුට එරෙහිව පැවති විශාල ජනතා විරෝධතාවකින් අනතුරුවයි. එතෙක් පටන් 67 හැවිරිදි මෝසි අත්අඩංගුවේ පසු විය.

එතෙක් පටන් ඊජිප්තු පාලකයා වූයේ හමුදා නායක අබ්දුල් ෆටා අල් සිසි ය. මෝසි අත් අඩංගුවට ගැනීමෙන් අනතුරැව ඔහුගේ අනුගාමිකයන් සහ සහායකයින්ද විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී, මෝසිගේ මරණය සම්බන්ධව තුර්කි ජනපති ටායිප් එඩෝගාන් ඊජිප්තු පාලනයට චෝදනා එල්ල කර තිබේ.