2019 ජුනි 15 වන සෙනසුරාදා

ඉන්දියාව නැවතත් හඳට !

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 307

අමෙරිකාව, රුසියාව සහ චීනය අතර සින්නක්කර අයිතියට පැවරී තිබූ අභ්‍යවකාශ තරණ තරගයට දැන් ඉන්දියාවද එක්වී හමාරය. ඒ අනුව සඳ තරණය කළ හතරවැනි රාජ්ජය බවට පත්වීම සඳහා ඉන්දියාව ලබන මාසයේ නැවතත් සඳ වෙත යන්නට සැරැසී සිටී. ඉන්දියාවේ මේ අලුත් සඳ ගමන සිදුවීමට නියමිතව ඇත්තේ එළැ‍ඹෙන ජූලි මාසයේ 15දාය. එරට අභ්‍යවකාශ තොටුපළ ලෙස කටයුතු කරන ශ්‍රිහාරිකොත මධ්‍යස්ථානයෙන් සඳ බලා යන නවතම පිරික්සුම් යානය චන්ද්‍රයාන් - 2 ලෙස නම් කර ඇත. මේ අලුත් චන්ද්‍ර යානය සැප්තැම්බර් 06දා චන්ද්‍රයාගේ දකුණූ ධ්‍රැවය වෙත ගොඩබැසීමට නියමිතය. ඉන්දියාවේ පිහිට් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට (Space Research Organization (ISRO)) දුරස්ථ පාලන ක්‍රම මගින් සඳ මත පර්යේෂණ කටයුතු සිදු කිරීම මේ චන්ද්‍රයාන් - 2 යානයේ ඇති අපූරුවයි. එයින් සනාථ වන්නේ ඉන්දියාව මේ සුළු කාලයට සිය අභ්‍යවකාශ තාක්ෂණයේ ලබා ඇති දියුණුවයි.

ඉකුත්  2017 වසරේ ඉන්දියාව එකවර චන්ද්‍රිකා යානා 104ක් ගගනගත කළේය. පසුගිය මාර්තුවේදි කල් ඉක්ම ගිය චන්ද්‍රිකාවක් ඉන්දියාවේ සිට එල්ලය ගෙන මිසයිලයක් ගසා වනසා දැම්මේය. මේ හැම හපන්කමක්ම තහවුරු කරන්නේ ඉන්දියාව ඉහළ අභ්‍යවකාශ තාක්ෂණයක් සහිත රටක් බවය. එපමණක් නොව ඒ රට මේ වනවිට අභ්‍යවකාශ වැඩ කටයුතු අඩුමිලට කරදෙන රටක් ලෙසද දැන් නමක් දිනා තිබේ. ඉන්දියාව මෙයට පෙර 2008 වසරේ සඳ වෙත චන්ද්‍රයාන් - 1 යැවූ අතර එය වසරකට ආසන්න කාලයක් සඳ වටා සංචාරය කරමින් දත්ත ලබා දුන්නේය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00