2019 ජුනි 08 වන සෙනසුරාදා

වෛරස උණකින් ඉන්දියාව වෙවුලයි!

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

මරාන්තික වෛරස වසංගතයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තය වෙව්ලුම් කා තිබේ. නිපා වෛරසය ලෙස හඳුන්වන දුර්ලභ එහෙත් මාරාන්තික මෙම වෛරස ආසාදනයට ලක්වූ 23න් හැවිරිදි පුද්ගලයකු හමුවීමත් සමඟ ප්‍රාන්තය පුරා වසංගතයට එරෙහිව සෞඛ්‍ය අංශ සීරුවෙන් සිටී. මෙම පුද්ගලයා හා සම්බන්ධ වු බව සැලකෙන 311 දෙනෙක්ද වෛරස ශරීරගතව ඇති බව වාර්තා වී ඇති 4දෙනෙක්ද මේ වනවිට දැඩි සුපරීක්ෂාව යටතේ තබා ඇත. ඉන්දියාව නිපා වෛරස ප්‍රහාරයකට ලක්වන දෙවැනි අවස්ථාව මෙයයි. එවරද එය දකුණු කේරළය ආශ්‍රිතව පැතිර ගියේය. මුල් වතාවේ 17ක් එයට බිලිවිය. 230ක් වෙන්කර පරික්ෂාවට ලක්විය. මධ්‍යම කේරළයේ ඒරනාකුලම් දිස්ත්‍රික්කයෙන් රෝගියා හමුවූ අතර ඔහුට ප්‍රතිකාර කළ හෙදියන් දෙදෙනකු ඇතුළු හතර දෙනෙක්ද රෝග ලක්ෂණ පෙන්වා ඇත.

නිපා සතුන් මගින් පැතිර යන රෝගයකි. එය ශරීරගත වූවන් අතරින් සියයට 40ත් 75ත් අතර පිරිසක් මරණයට ලක්වීමේ අවදානම පවති. නිපා බොහෝවිට ප්‍රමුඛ රෝග ලක්ෂණ නොපෙන්වයි. ඉසරදය, කරකැවිල්ල හෝ කෝමා තත්ත්වයට පත්වීමද දක්නට ලැබේ. බොහෝවිට මොළය ඉදිමීමේ හෙවත් මාරාන්තික එන්කෙපලයිටිස් තත්ත්වය මතුවෙයි. ස්වභාවික පරිසරයේ මෙම ‍වෛරස දරා සිටින්නේ වවුලන්ය. 2018 වසරේ වසංගතය පැතිර ගියේ පළතුරු වවුලන් මගින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබුණි.

මෙම වෛරසය මුලින්ම වසංගතයක් ලෙස වාර්තා වූයේ 98-99 වසරවලදී මැලේසියාවේදීය. එවර 100ක් පමණ මෙයින් මියගිය අතර 300ක් පමණ රෝගීන් වාර්තා විය. තත්ත්වය පාලනය සඳහා ඌරන් ලක්ෂ 10ක් පමණ මරා දැමිය. එය මුල්වරට වාර්තා වූ කැම්පුන්ග් සුන්ගායි නිපා නමැති මැලේසියානු ගමේ නම අනුව මෙය නිපා වෛරසය ලෙස මෙය හඳුන්වන ලදී. එතැන් සිට වසංගත තත්ත්ව වාර්තා වී ඇත්තෙ කිහිපවතාවකි. ඒ ඉන්දියාවේ සහ බංග්ලාදේශය ආශ්‍රිතවය.