2019 මැයි 25 වන සෙනසුරාදා

පුටීන්ට නිවුන් පැටව් !

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 627

පුටීන්ගේ රහස් පෙම්වතිය ලෙස අප්‍රසිද්ධියේ හොඳ හැටි ප්‍රසිද්ධ අලීනා කාබායේවාහට පිරිමි නිවුන් දරුවන් උපන් බවට ලොකු ප්‍රචාරයක් පැතිර තිබේ.  කටකතා මගින් කාලයක් මේ රුසියානු ජිම්නාස්ටික් රෑමතිය ජනාධිපති පුටීන්ගේ රහස් පෙම්වතිය බව ප්‍රසිද්ධ වී තිබුණි. මීට පෙර 2015 වසරේද කතාවක් පැතිර ගියේ ඇය ස්වීස් සුපිරි රෝහලක පුටින් පැටියකු බිහිකළ බවටය.

මොස්කව්වල පිහිටි VIP මට්ටමේ කාන්තා රෝහලක් වන කුලාකෝව් Kulakov Research Centre for Obstetrics, Gynaecology and Perinatology) සුපිරි රෝහලේ හතරවෙනි මහළ මුළුමනින්ම  මේ මස මුල සිට වෙන්කර තිබූ අතර දැඩි ආරක්ෂාවද සලසා තිබුණි. ඒ දැන් මන්ත්‍රී ධූරයක්ද හොබවන ජිම්නාස්ටික් සූර 36 හැවිරිදි  පුටීන් පෙම්වතියගේ දරු ප්‍රසූතිය වෙනුවෙනි.

මේ ආරංචිය රුසියානු රාජ්‍ය මාධ්‍යයන් වාරණය කරද්දී ප්‍රධාන ධාරාවේ පුවත්පතක් වන මොස්කව් කොම්සොමොල්වරු - Moskovsky Komsomolets - වෙබ් අඩවියේ වාර්තා කර තිබුණි. නමුත් මිනිත්තු කිහිපයක් තුළ දිස්වූ එම පුවත මුළුමනින්ම අතුගා දමා තිබුණි. නමුත් එක් වෙබ් අඩවියක් මෙය වාර්තාකර තිබුණේ “නිවුන් දරුවන් බිහිකර අලීනා අතුරුදන් වෙයි!” යනුවෙනි. ඒ අතර රුසියානු ඔත්තු සේවා සමග ළඟ සබඳතා පවත්වන සර්ජි කානේව් මාධ්‍යවේදියාද ඇය නිවුන් පිරිමි දරුවන් සිසේරියන් සැත්කමක් මගින් බිහිකර ඇති බව පලකර ඇත. මුළු රෝහල අස්සක් මුල්ලක් නෑර පරීක්ෂාවට ලක් කළ පසු ඇය එහි ගෙන ආ බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ අඩක්ම ඉවත්කර ඉන්පසු ප්‍රසිද්ධ ඉතාලියානු දොස්තරවරයෙකු සීසර් සැත්කම සඳහා කැඳවා තිබූ බවත් ඔහු පලකර ඇත.

නමුත් මේ පුටින් පැටව් කතාව ගැන අලිනා මෙන්ම පුටීන්ද ක්‍රෙම්ලිනයද නිහඬය. ඇය කියා තිබුණේ “කටකතා ගැන අපි කතා නෑ”  කියාය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00