2019 මැයි 25 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක්!

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

කෘෂිකාර්මික කටයුතු, වනාන්තර සහ ආපදා කළමනාකරණයට අදාළ දත්ත ලබාගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගතකර ඇත. එම චන්ද්‍රිකාව නම්කර තිබෙන්නේ ආර්.අයි.එස්.ඒ.ටී - ටූ.බී. යනුවෙනි.

කිලෝග්‍රෑම් හයසිය පහළොවක් බරැති චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරුණේ ආන්ද්‍රා ප්‍රාන්තයට අයත් ශ්‍රී හරිකෝටා දිවයිනේදීයි. C 46 පී.එස්.එල්.වී. රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකර තිබේ. චන්ද්‍රිකාව පෘථිවියේ පහළ කක්ෂයේ කිලෝමීටර් පන්සිය පනස් පහක දුරකින් අංශක තිස් හතක ආනතියකින් යුක්තව ස්ථානගත කෙරෙනු ඇති. මෙම මෙහෙයුම සාර්ථක වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ ආයතනයේ ප්‍රධානියා විසින් තහවුරු කර ඇත. එමෙන්ම ඔවුන්ගේ දෙවන මෙහෙයුම චන්ද්‍රයා වෙත සිදුකිරීමට නියමිත අතර එය ලබන ජූලි මාසයේදී අභ්‍යවකාශගත කිරීමට නියමිත  බව කියයි.