2019 මැයි 18 වන සෙනසුරාදා

අමෙරිකා රුසියා සබඳතා තරවෙයි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 103

රුසියාවේ නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා අමුතු ප්‍රකාශයක් කර තිබේ. අමෙරිකා-රුසියා සබඳතා සම්පූර්ණයෙන්ම යළිත් ගොඩනැගීමට තමාට අවශ්‍ය බවටය. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එය අපේක්ෂා කරන බව තමාට විශ්වාස යැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ලබන මස ජපානයේ ඔසකාහි පැවැත්වීමට නියමිත ජී.20 සමුළුවේදී තමන් රැසියානු සහ චීන ජනාධිපතිවරුන් හමුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළේය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00