2019 මැයි 18 වන සෙනසුරාදා

අයිෆල් කුලුන විවෘත කර 130යි!

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 300

ප්‍රංශයේ ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුලුනු මහජනතාවට විවෘත කර වර්ෂ 130ක් සම්පූර්ණ වී හමාරය. ඒ වෙනුවෙන් එහි අලංකාර විදුලි ආලෝක සංදර්ශනයක් පවත්වන්නට කටයුතු යොදා තිබිණි. කුළුණේ ඉදිකිරීම් ආරම්භ කළේ 1887 වර්ෂයේදීය. එය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ ඉන් වසර දෙකකට පසුව එනම් 1889 වර්ෂයේ මැයි 15 වැනිදාය.

මෙම සුවිශේෂී ස්මාරකය ඉදිකරනු ලැබුවේ 1889 වර්ෂයේ ප්‍රංශයේ පැවති විශ්ව ප්‍රදර්ශනයකට සමගාමීවය. යකඩ ගැහැණිය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයිෆල් කුලුන නිර්මාණය කළේ පැරීසියේ සිටි ඉංජිනේරුවරයෙක් වන ගුස්ටාෆ් අයිෆල්ය. අයිෆල් කුළුණ සම්පූර්ණයෙන් ඉදිකොට අවසන් කිරීම සඳහා වසර දෙකකුත් මාස දෙකක් සහ දින පහක් ගතවී ඇති අතර ඒ සඳහා සේවකයන් 300ත් 450ත් අතර පිරිසක් දායක වී තිබුණි. එහි මුළු උස අඩි එක්දහස් හැට තුනකි. 

අයිෆල් කුලුන මහජනතාව වෙනුවෙන් විවර කෙරූ 1889 වර්ෂයේ සිට මේ දක්වා මිලියන 300ක පමණ පිරිසක් එය නැරඹීමට පැමිණ ඇති අතර සෑම වර්ෂයකම මිලියන හතක පමණ පිරිසක් එහි පැමිණෙන බව වාර්තා වෙයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00