2019 මැයි 04 වන සෙනසුරාදා

තායි රජුගේ හදිසි මඟුල!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

තායිලන්තයේ 66 හැවිරිදි මහා වජිරලොන්ග්කොන් රජු මීට පෙර අවස්ථා 3 කදී විවාහ වී දික්කසාද වී ඇති තැනැත්තෙකි. ඔහුට දරුවන් 7 දෙනෙකුද වෙයි. නව මස ආරම්භයේ වාර්තා වූයේ මහා වජිරලොන්ග්කොන් රජු සිය පෞද්ගලික ආරක්ෂක අංශයේ උප පධානියා හා විවාහ වූ බවය. රජතුමාගේ පදවිය චාරිතානුකූලව තහවුරු කෙරෙන ඔහුගේ අතාලංකාර මෞලි මංගලය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව ඇති අතරවාරයේ පුදුමය දනවන සුළු එම රාජකීය නිවේදනය නිකුත් කරනු ලැබුණි.

රජු හා විවාහ වූ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප පධානියා වන ජනරාල් සුතිදා වචිරාලොන්ගෝන් නා අයුත්‍ තායි ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර ඇති අතර 2014 වසරේදී ඇය රජුගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප පධානියා ලෙස පත්කර තිබුණි. 2016 වසරේ දෙසැම්බර් මාසයේ ඇයට පූර්ණ බලතල සහිත “ජනරාල්” පදවියක් පිරිනැමීය. රජු හා ඇයගේ සම්බන්ධතාවක් පවතින බවට විදෙස් මාධ්‍යවල‍ තොරතුරු වාර්තා වී තිබුණද ඔවුන් දෙදෙනා විවාහ වනතුරුම එරට රාජකීය මන්දිරය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොතිබූ බව සඳහන්ය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00