2019 මැයි 04 වන සෙනසුරාදා

ඉන්දියාවට ෆැනී පනී : ලක්ෂ 08ක් අවතැන්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

දශක දෙකකට පසුව ඉන්දියාවට බලපාන ප්‍රබලතම සුළි කුණාටුව වන ෆැනී පැයට කිලෝමීටර් 200ක් වේගයෙන් එරට ඊසාන දිග ඉන්දියානු වෙරළ තීරයට කඩා වැදුණි. සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව ඉන්දීය බලධාරීහු සඳහන් කරති. ඉන් ඔරිස්සා ප්‍රාන්තයට මෙන්ම තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ ඇතුළු අසල්වැසි ප්‍රාන්තවලටද දැඩි හානි සිදුවනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළකර තිබේ.

මේ හේතුවෙන් කල්කටා ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමටද ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. මීට අමතරව දුම්රිය ගමන් වාර 200ක් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන වරාය දෙකක මෙහෙයුම් නතර කිරීමටද ඉන්දීය බලධාරින් පියවර ගෙන තිබුණි. මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයක්ද තාවකාලිකව අත්හිටුවීමට එරට දේශපාලන පක්ෂ කිහිපයකට සිදුවිය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00