2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ලොකුම මුස්ලිම් රටේ මැතිවරණ 3ක්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

ජනගහනය මිලියන 260 ඉක්මවන ලොව විශාලතම මුස්ලිම් බැතිමතුන් පිරිසක් සහිත රට වන ඉන්දුනීසියාවේ ද මේ දිනවල මහ මැතිවරණය ඇතුළු මැතිවරණ තුනක් එකවර පැවැත්වෙයි. මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එක් දිනක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙවර ඉන්දුනීසියා ජනාධිපතිවරණ සටන පවතින්නේ, ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ හිටපු හමුදා ජෙනරාල්වරයකු වන ප්‍රබෝවෝ සුබියන්තෝ අතරය.

ඉතා කුඩා තැනකින් ජීවිතය ඇරඹූ රටේ ජනකාන්ත නායකයකු වන  වත්මන් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, මැතිවරණයෙන් ජයගැනීමට වැඩි ඉඩක් ඇතැයි පූර්ව මැතිවරණ මත විමසුම් අනාවරණ කර ඇත. මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය, ඉන්දුනීසියා මැතිවරණ කොමිසම ලබන මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 192කි. 20,000 ක් වන ජාතික සහ ප්‍රාදේශීය ආසන වෙනුවෙන් අපේක්ෂකයන් 245,000ක් තරග වදිනු ඇති. මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සංඛ්‍යාව 16ක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 805,075කි. රට තුළ මෙවර ජන්දය පිළිබඳව ඇත්තේ දැඩි උණුසුමකි. ඡන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු සෙවූ ඡන්ද දායකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ඉන්දුනීසියා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියද බිඳ වැටීමකට ලක් විය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00