2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පිටසක්වලින් දෙවැනි පෘථිවිය සොයාගනියි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

♦ මහ පොළොවට සමාන ලෝක හතක්ම එක ග්‍රහ මණ්ඩලයක

♦ පිටසක්වල ජීවීන්ට සුදුසු පරිසරයක්

මහ පොළොවට සමාන තවත් ලෝකයක් සොයමින් නාසා විද්‍යාඥයන් පර්යේෂණ අරඹා තිබුණේ කලක සිටය. පෘථිවි දේශගුණයට සමාන ජීවයට සුදුසු ග්‍රහලෝක 104ක් පමණ හඳුනාගන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබුණි. නමුත් පෘථිවිය හා සර්ව සම ග්‍රහලොවක් ඔවුනට හමුවූයේ නැත. පසුගිය සතියේ Nature සඟරාව ඒ අතර ලොව කැළඹී යන ප්‍රකාශයක් සිදුකළේය. ඒ දෙවැනි පෘථිවිය සොයාගත් බවටය. එකක් නොව මහ පොළොවට සමාන ලෝක හතක්ම එකම ග්‍රහ මණ්ඩලයක් තුළින් සොයාගත් බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

මහ පොළොවේ සිට ආලෝක වර්ෂ 40ක් (ආලෝක වර්ෂයක් = සැතපුම් 186000) දුරින් පිහිටා ඇති ට්‍රාපිස්ට් 1 (Trappist-1) නමැති වාමන තරුවට අයත් ග්‍රහ මණ්ඩලය තුළින් මේ සොයාගැනීම සිදුකර ඇත. ජීවයක් හටගැනීමට සුදුසු කලාපයක පිහිටා ඇති මෙම ග්‍රහමණ්ඩලයේ ලෝක හතෙන් තුනක් අඩු තරමේ ජලය, ආලෝකය, උෂ්ණත්වය මෙන්ම වායුගෝලය අතින්ද පෘථිවියට සමාන වනු ඇති බව ස්පිට්සර් දුරේක්ෂය මගින් සොයාගැනීම සිදුකළ විද්‍යාඥ පිරිස කියති. ඔවුන් පෙන්වා දෙන්නේ විශ්වය තුළ අප තනිව නැති බව සනාථ කිරීමට මේ සොයාගැනීම වඩාත් ස්ථීරසාර සාක්ෂියක් වන බවය. පිටසක්වළ ජීවීන් සිටිනවා නම් ඔවුන් සිටිය හැක්කේ මෙබඳු ස්ථානයක විය හැකි බව මේ විද්වත්හු ප්‍රකාශ කර තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00