2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

බුලට් සැරෙන් මුහුද යටින්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ඉන්දියාවේ මුහුද යටින් යන ප්‍රථම බුලට් රේල්ලුව දැන් වැඩ අවසන් කර මංගල ගමනට සැරසී හමාරය. 2005දී ජපානය සමඟ ඇතිකරගත් ආර්ථික සහයෝගිතා ගිවිසුමකට අනුව මෙය නිර්මාණය කර තිබේ. ප්‍රථම බුලට් දුම්රිය මුම්බායි සිට අහ්මදාබාද් දක්වා යන්නට නියමිතය. මුහුද යටින් යාම නිසා ගොඩබිමෙන් පැය හතක් ගතවන ගමන පැය 2කින් නිමකළ හැකි බව වාර්තා වේ.

මෙම බුලට් දුම්රිය පැයට හැතැප්ම 217ක වේගයෙන් ගමන් ගන්නා බව කියයි. මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 97636ක් වැය කරන්නට නියමිත අතර එයින් සියයට 81ක්ම ජපාන ණය ආධාරයකි. කෙසේ වුවද කිලෝමීටර 350ක් වන මේ අලුත් දුම්රිය මගේ කිලෝමීටර 21ක් පමණක් අරාබි මුහුද යටින් යාමට නියමිතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00