2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ඉන්දියාවේ වසන්ත සැණකෙළිය!

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

‍අපේ රටේ අලුත් අවුරුද්ද සමරණ මේ කාලයේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රාන්තයක සාම්ප්‍රදායික ගැමි විලාසිතා කලඑළි බසින අපූරු වසන්ත සැණකෙළියක් පැවැත්වෙයි. එය ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වෙන අලංකාර වාර්ෂික උත්සවයකි. ගිනිකොණදිග ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාවගේ සංස්කෘතිය හා සම්ප්‍රදාය විදහා දක්වන උත්සවය ලෙස මෙය සුවිශේෂත්වයක් දරයි. දින තුනක් පුරා එය පැවැත්වෙන්නේ ගුවහාටි නගරයේය.

සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටි ගෝත්‍රික කාන්තාවන් සහ පුරැෂයින් ගී ගයමින් නර්තනයේ යෙදෙමින් නරඹන්නන් මුසපත් කිරීම මෙහිදී සිදුවෙයි. මේ සැණකෙළිය සඳහා සහභාගීවන්නන් අතර විවිධ සාම්ප්‍රදායික   නර්තන ක්‍රම 40ක් පමණ දැකගත හැකියි. ඊට අමතරව ඔවුන්ට ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශවලට ආවේණික වූ සම්ප්‍රදායික ආහාරවල රස විඳීමටත් එහිදී අවස්ථාව හිමිවෙයි. ගෝත්‍රික ජීවිතය පිළිබඳව අත්දැකීම් ලබාගන්නට නරඹන්නන්හට මෙය කදිම  අවස්ථාවකි. 

ඇසෑම් ප්‍රන්තයේ සාම්ප්‍රදායික බිහු සංස්කෘතික නර්නතයට මුල්තැන දෙමින් තරඟයක්ද මෙහිදී පැවැත්වෙයි. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත කිහිපයකින්ම මේ සඳහා තරඟකරැවෝ සහභාගී වෙති.