2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ලෝකේ ලොකුම පොත් නැව!

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනය මේ දිනවල උරුගුවේ රාජ්‍යය අසල දක්නට හැකිය. එය නෞකාවක පැවැත්වෙන අපූරු පොත් ප්‍රදර්ශනයකි. ලෝගොස් හෝප් නමැති මේ ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනාගාර නෞකාව ඉකුත් හතරවන දා උරුගුවේ රාජ්‍යයට ළඟාවිය. එදින සිට දහස් සංඛ්‍යාත පිරිසක් පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙමින් සිටිති සති අන්ත දිනවලදී පාඨකයන් වැඩි ප්‍රමාණයක් එහි පැමිණෙන බව වාර්තාවේ.

තේමා පන්දහසකටත් වැඩි ප්‍රමාණයකට අයත් පොත් තොගයක් මෙම නෞකාව සතුය. 2004 වර්ෂයේ සිට මේ දක්වා එම නෞකාව දැනුම බෙදාහරිමින් ලොව වටා යාත්‍රාකර ඇති දුර ප්‍රමාණය නාවික සැතපුම් අනූපන්දහස ඉක්මවයි. එහි සේවය කරන්නේ රටවල් 60කින් පමණ පැමිණි ස්වෙච්ඡා සේවකයන් හාරසීයකින් සමන්විත කණ්ඩායමකි. එදා සිට මේ දක්වා පාවෙන පොත් ප්‍රදර්ශනය නැරඹීමට මිලියන හතක පමණ පිරිසක් පැමිණ ඇති බවද වාර්තා වෙයි. ලබන 21 වැනිදා තෙක් නෞකාව උරැගුවේහි රුඳී සිටින අතර ඉන් අනතුරැව මෙම ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනාගාර ආර්ජන්ටිනාව බලා ගමන් අරඹන්නට නියමිතය.  

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00