2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ශබ්දයේ වේගය පරදන සේබර්!

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ශබ්දයේ වේගය මෙන් තෙගුණයක වේගයෙන් ගමන් කළහැකි වනසේ ගුවන් යානා සඳහා උචිත බලවේග එන්ජිමක් නිපදවීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පර්යේෂණ ආරම්භ කර තිබේ. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය තාක්ෂණයේ ඉදිරි පිම්මක් හැටියටය.

මේ යානාවලට තත්ත්පරයට කිලෝමීටරයකට අධික වේගයෙන් ගමන්කළ හැකිවනු ඇතැයි එම විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. සේබර් නමින් හැඳින්වෙන මෙම බලවේග එන්ජිම රොකට් සහ ජෙට් යානා සඳහා යොදාගනු ලබන එන්ජින් දෙකක එකතුවක බලය හා සමාන වනු ඇති බව විද්‍යාඥයන් පවසයි.

ඒ අනුව මෙම අධිවේග එන්ජිම සාර්ථක වුවහොත් යානාවලට පෘථිවිය වටා ඉතා  සුළු කාලයකදී ගමන්කළ හැකිවෙනු ඇත. එය මුළු ලෝකයේම පුළුල් වෙනසකට හේතුවක්ද වනු ඇතැයි පර් යේෂකයෝ පවසති.