2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට සමා ආයතන පලා බෙදයි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත. එම නායකයන් ප්‍රජාව අතර ඇතැම් ජන කණ්ඩායම්වලට වැරදි පටවමින් අමානුෂික ලෙස ඔවුන් ගොදුරුකර ගැනීමේ නපුරු වැඩපිළිවෙළක් තුළ කටයුතු කරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියා තිබේ.

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලය අල්ලාගත් 1930 දශකයෙන් අනතුරුව, ලෝකය තුළ භීතිය සහ වෛරයේ කුරිරු කතන්දර දරැණු මට්ටමින් වාර්තා වූ වසර පසුගිය 2016 බව ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවේ දැක්වෙයි. වර්ගවාදයට සමාව දීම සහ සමලිංගිකයන් නොරිස්සීමේ පිළිවෙත ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක්වෙයි.

තවදුරටත් කරුණු පැහැදිලි කරන ඇම්නෙස්ටි වාර්තාව, ලෝකයේ ආණ්ඩු දේශපාලන අරමුණු සඳහා අනාථයන්ගේ ප්‍රශ්නය පාවිච්චි කරන බවත් පෙන්වා දී තිබුණි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදෙස් සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාවේ ජීවත්වන මිලියන 11කට අධික සංක්‍රමණික ජනතාවක් දැඩි ලෙස භීතියකට පත්ව තිබේ.

මෙක්සිකෝව හා මධ්‍යම අමෙරිකාව තුළින් පැමිණ දශක ගණනාවක සිට අමෙරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයන් වැඩි පිරිසක් මෙලෙස පිටුවහල් කිරීමේ අවදානමට ලක්ව සිටී. අමෙරිකාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන හා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය භූත ප්‍රහාරයක් ලෙසට දක්වමින් විරෝධය පළකරයි. වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ තුළින් අමෙරිකානු ජන ජීවිතය මුල් බැසගෙන තිබෙන පවුල් දහස් ගණනකට මෙන්ම අමෙරිකානු ආර්ථිකයට මේ මගින් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00