2019 මාර්තු 30 වන සෙනසුරාදා

අවුරුදු සතුට ගඟ පතුලේ

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

ඉපැරැණි මෙසපොටේමියා රාජ්‍යයට අයත් සුප්‍රකට ගංඟා දෙක අතරින් එකක් වන ඉරාකයේ ටයිග්‍රීස් ගංගාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් 61 දෙනෙකු කාන්තාවන් සහ 19 දෙනෙකු කුඩා ළමුන්ය. මාර්තු 21ට යෙදී තිබූ අලුත් අවුරුදු සැමරුම් සඳහා සංචාරක දූපතකට ගමන් කරමින් සිටියදී පාරැව මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන විට පුද්ගලයින් 200 දෙනෙකු පමණ පාරුවෙහි ගමන්ගෙන ඇත. පාරැවෙහි ගමන්ගත් පුද්ගලයින් 55 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවද පසුව වාර්තා විය.

මෙම පාරුවෙහි 50ක් පමණ රැගෙන යා හැකි වුවත් එයට දැරිය නොහැකි තරම් වූ 200ක් පමණ අධික පිරිසක් රුගෙන යාම පාරුව පෙරළීමට හේතුව ලෙස සඳහන්ය. අනතුරු සිදු වූ ස්ථානයට ඉරාක අග්‍රාමාත්‍යවරයාද පැමිණියේය.