2019 මාර්තු 23 වන සෙනසුරාදා

පාසල් බස්රියේ මාරයා!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

පාසල් දරුවන් 51 දෙනෙකු සමඟ බස් රථයක් පැහැර ගත් ඉතාලි ජාතික රියැදුරෙකු පසුව එම රථයට ගිනි තබා තිබේ. ඒ, ඉතාලියේ මිලානෝ නගරයේදීය. එම බස් රථය පැහැරගත් 47 හැවිරිදි රියැදුරා සෙනෙගාලයෙන් පැමිණ ඉතාලියේ පුරවැසිභාවය ලද අයකු වන අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථය පැහැරගත් මෙම පුද්ගලයා ඉතාලියේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ කෝපයෙන් සිටි බව වාර්තා වේ.

බස් රථයේ සිටි දරුවන්ගෙන් ඇතැමෙකු එහි අසුන්වලට තබා ගැටගසා තිබූ බව වාර්තා විය. නමුත් ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නැත. බස් රථය වටා පෙට්‍රල් ඉස තිබූ නමුත් එය ගිනි ගැනීමට පෙර එහි වීදුරු බිඳ දමා සිසුන් සියලුදෙනා මුදාගැනීමට පොලීසිය සමත්වීම නිසාය. කෙසේ වෙතත්, සිසුන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අපහසුතාවයට පත්විය. ඉතාලියේ මිලානෝ නුවර ප්‍රධාන නීතිඥවරයා සඳහන් කළේ, මානව සංහාරයක් විය හැකිව තිබූ මින් දරැවන් මුදාගැනීමට හැකිවීම ආශ්චර්යයක් බවය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00