2019 මාර්තු 23 වන සෙනසුරාදා

2019 තුන්වැනි සුපිරි සඳ!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

මේ වසරේ අවසන් සුපිරි සඳ පසුගිය මැදින්පෝදා දිස්විය. පැහැදිලි අහසේ සාමාන්‍යයෙන් දිස්වන චන්ද්‍රයා මෙන් දහහතර ගුණයක් විශාලව සහ තිස්ගුණයක දීප්තියකින් යුක්තව එය දිස්වූ බව සඳහන්ය.

පෘථිවිය වටා ඇති කක්ෂය ඉලිප්සාකාර වීම හේතුවෙන් චන්ද්‍රයා සහ පෘථිවිය අතර ඇති දුර වෙනස් වෙමින් පවතියි. එහිදී පෘථිවියට වඩාත් සමීපව චන්ද්‍රයා ගමන් කරන අවස්ථාවක මෙලෙස සුපිරි චන්ද්‍රයා දර්ශනය වෙයි.

2019 වර්ෂයේ සුපිරි චන්ද්‍රයා දිස්වූ අවසන් අවස්ථාව මෙය වූ අතර මේ වසර තුළ තුන් වතාවක් සුපිරි සඳ දකින්නට හැකිවිය. පෘථිවිවාසීන්ට යළි සුපිරි චන්ද්‍රයා දැකගත හැකි වන්නේ 2020 වර්ෂයේ වසන්ත ඍතුවේදීය.