2019 මාර්තු 09 වන සෙනසුරාදා

ලාබාලතම සල්ලිකාරි!

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

ෆේස්බුක් සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ලොව ලාබාලතම බිලියනපතියා ලෙසින් මීට පෙර වාර්තා අතරට එක්ව සිටියේය. ඔහු එම දස්කම දැක්වූයේ 23 වැනි වියේ පසුවන විටය. දැන් ඔහුට ඒ තත්ත්වය අහිමිව තිබේ. ඒ අනුව ලොව ලාබාලතම සල්ලිකාරිය හෙවත් ප්‍රකෝටිපතිනිය බවට පත්වීමට ජනප්‍රිය රියැලිටි තාරකාවක් වන කයිලි ජෙනර් සමත්ව ඇත.

ඇය එම ස්ථානයට පත්ව ඇත්තේ ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රකාශිත නවතම ලැයිස්තු ගත කිරීම්වලට අනුවය. මේ වනවිට 21 හැවිරිදි වියේ පසුවන කයිලි ජෙනර් රූපලාවන්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත කීර්තියක් දිනා සිටියි. ඇයගේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 900ක වටිනාකමකින් යුතුවන අතර එහි පූර්ණ අයිතියද ඇය සතුය. ඇය උපයාගත් වෙනත් ආදායම්ද සලකා බැලූ විට ඇගේ මුළු ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.

ෆෝබ්ස් ලැයිස්තුවේ පළමු ස්ථානය මෙවරත් ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බේසොස් වෙත හිමිවූ අතර ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 131කි. එහි දෙවැනි ස්ථානය අමෙරිකානු ඩොලර් බිලියන 96.6ක වත්කමක් ඇති මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස්ට හිමිවුණි.

 

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30