2019 මාර්තු 09 වන සෙනසුරාදා

කැනඩා දේශපාලන අර්බුදය උග්‍රවෙයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 164

කැනඩා විපක්ෂය ඉකුත් සතියේ ලිබරල් පාක්ෂික ජස්ටින් ට_ඩෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සිය ධුරයෙන් ඉවත්වන ලෙසය. ප්‍රසිද්ධ ඉංජිනේරු ආයතනයකට එරෙහිව පැවැත්වෙන අල්ලස් දූෂණ විමර්ශනයකින් අදාළ සාමාගම ආරක්ෂා කිරීමට දේශපාලනමය වශයෙන් මැදිහත් වූ බවට අගමැතිවරයාට එරෙහිව චෝදනා නැගී තිබේ. මේ හේතුව මුල් කරගනිමින් ඇමති මණ්ඩලයේ කිහිපදෙනකුම කලින් ඉල්ලා අස්වූහ. ඒ අතරට එක් වූ අලුත්ම සාමාජිකාව එරට කැබිනට් මණ්ඩල අමාත්‍යවරියක වූ ජේන් පිල්පොට්ය.

රජය අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව සිය විශ්වාසය බිඳවැටී ඇතැයිද, තමන් සිය වටිනාකම්, සාරධර්ම සහ ව්‍යවස්ථාවේ අන්තර්ගතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද පවසමින් එරට කැබිනට් මණ්ඩල අමාත්‍යවරියක මෙන්ම කැනඩා භාණ්ඩාගාර මණ්ඩලයේ සභාපතිනියද වන   ජේන් පිල්පොට් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම භාර දුන්නාය.  

ඒ අනුව ඉංජිනේරු සමාගමකට එරෙහි අල්ලස් චෝදනා වසන් කිරීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා තැත්කළ බව කියමින් ධූරයෙන් ඉල්ලා අස්වූ කැනඩා රජයේ ප්‍රධාන තනතුරක් හෙබවූ තුන්වැනි පුද්ගලයා වන්නේ ජේන් පිල්පොට්ය. ඉකුත් පෙබරවාරි මාසයේ කැනඩා හිටපු නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයා වන ජෝඩි විල්සන් සහ ජස්ටින් ට_ඩෝගේ ප්‍රධාන ආධාරකරැ වන ජෙරාල්ඩ් බට්ස් සිය ධූරවලින් ඉවත් විය.

ලොව විශාලතම ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමක් වන එය 2001–2011 කාලය තුළ ලිබියානු බලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 36 ක අල්ලස් දී ඇතැයි විමර්ශකයෝ පවසති. මෙම සිදුවීම් හමුවේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව මත විමසුම් අනාවරණය කර ඇත්තේ එරට මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මසට යෙදී ඇති පසුබිමකදී වීම විශේෂත්වයකි. එල්ලවන චෝදනා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට_ඩෝ ප්‍රතික්ෂේප කර තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00