2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මංගල්ලයක් අවමංගල්ලයක් වෙයි!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 184

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශයක හට ගත් ගින්නකින් 78 දෙනෙකු මියගියහ. එකිනෙක යාබදව පිහිටි ගොඩනැගිලිවලින් සපිරි, පටු වීථි සහිත වසර සිය ගණනක් පැරුණි ‘චෝක්බසාර්’ ප්‍රදේශය මෙම ගින්නෙන් විනාශයට ලක්ව තිබුණි. විවාහ උත්සවයකට සහභාගී වූ පිරිසක් ද ගින්නට හසු වී මිය ගිය අය අතර වුහ.

පහත මාලයේ පිහිටි ගිනි ගන්නා සුළු රසායනික ද්‍රව්‍ය ගබඩාවක පෙබරවාරි 20 රාත්‍රියේ  හටගත් ගින්න අනෙක් ගොඩනැගිලි කරා සීඝ්‍රයෙන් පැතිර ගිය බව නිධාරීහු පැවසූහ. ගින්න හටගත් අකාරය පිළිබඳ තොරතුරු තවමත් පැහැදිලි නැත. ගින්න හටගත් ගොඩනැගිල්ල බහුකාර්ය කටයුතු සඳහා යොදාගත් ස්ථානයක් වූ අතර රාත්‍රියේ ගින්න හටගන්නා විට බොහෝ දෙනෙක් නින්දේ පසු වූ බව සඳහන්ය. බොහෝ දෙනකු එළියට යා නොහැකිව ගොඩනැගිල්ලි තුළ සිරවී තිබේ. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් සහ පොලීසිය පැවසුවේ ගෑස් නළ පිපිරීම නිසා ගින්න තවත් පහසුවෙන් පැතිර ගිය බවය. අධික ජනගහනයක් සහිත බංග්ලාදේශයේ පවතින මහල් ගොඩනැගිලිවල සිදුවන ගිනි ගැනීම් නිතර වාර්තාවන අතර අපරික්ෂාකාරී ආරක්ෂක නීති සහ දුර්වල තත්ත්වයන් ඊට හේතු වී තිබේ.

මෑත කාලයේ සිදු වූ එවැනි ගිනි ගැනීම් හේතුවෙන් මිනිසුන් සිය ගණනක් මියගොස් ඇත. පසුගිය ඉරිදා චිතගොං නගරයේ ද ගින්නක් හට ගත අතර ඊට ගොදුරැ වී නව දෙනෙක් මියගියහ.