2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

සුපිරි හඳ 3ක් අහසේ !

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

සාමාන්‍ය තත්ත්වයට වඩා විශාලත්වයෙන් යුත් සුපිරි සඳක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාවට ඉකුත් 19දා නැවත වතාවක් උදා විය. එය මේ වසර තුළ දක්නට ලැබුණු දෙවැනි සුපිරි සඳයි. ඉදිරියේදී තවත් අවස්ථාවක් උදාවීමට නියමිත අතර ඒ නිසාම මෙම 2019 වසර ඉතා සුවිශේෂී වසරක් බවට පත්ව තිබේ. එනම් කිසියම් වසරක සුපර් මූන් ත්‍රිත්වයක් පිට පිටම උදා වන්නේ කලාතුරකිනි. එමෙන්ම එය තාරකා විද්‍යාවට අනුවත් ජ්‍යොතිෂයට අනුවත්  අති සුවිශේෂ අවස්ථාවක් වෙයි. මේ 2019 වසරේ ජනවාරි 21 පෙබරවාරි 19 සහ ඉදිරියේදි මාර්තු 21 යන දිනවල පිට පිටම තෙවරක් සුපර් මූන් උදාවෙයි.

පෘථිවියට ඉතා ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස සුපිරි සඳක් දැක බලා ගැනීමේ අවස්ථාව ලෝකයට උදාවීය. සුපිරි සඳ සාමාන්‍ය සඳ මෙන් සියයට 6ක වැඩි විශාලත්වයකින් හා සියයට 14ක පමණ දීප්තියකින් යුක්තව පෘථිවියට දිස්වන බව තාරකා විද්‍යඥයෝ පෙන්වා දෙති.