2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ආසියාවේ විශාලතම යුද ගුවන් ප්‍රදර්ශනය

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී ආසියාවේ විශාලතම යුද ගුවන් ප්‍රදර්ශනය පසුගිය බදාදා  (20) ආරම්භ විය. එය මෙවර පැවැත්වෙන්නේ 12වන වරටය. බැංගලෝර්හි යේලහන්කා ගුවන් හමුදා කඳවුරේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

මෙම එරෝ ඉන්දියා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ඉන්දීය ආරක්ෂක ඇමැතිනී නිර්මලා සීතාරාමන්, ගුවන් සේවා අමාත්‍ය සුරේෂ් ප්‍රභූ සහ කර්ණාටක ප්‍රාන්තයේ මහඇමති එච්. ඩී. කුමාරස්වාමි යන අයගේ ප්‍රධානත්වයෙනි. මෙය ඉන්දීය ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය සහ නිෂ්පාදන අංශය එක්කෙරෙන පොදු වේදිකාවක් බව ප්‍රදර්ශනය ආරම්භ කරමින් ආරක්ෂක ඇමැතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළාය. එහි සමාරම්භක අවස්ථාවට ගුවන් සංදර්ශනයක් ද එක්කර තිබුණි. ප්‍රදර්ශනය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ සිටි අතර එය ඉරිදා (24)  දිනෙන් අවසන් වීමට නියමිතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00