2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

අභ්‍යවකාශ තරග‍යෙන් ඉන්දියාව අංක 1

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

 

අභ්‍යවකාශ වෙළඳපොළේ අංක එක බවට ඉන්දියාව දැන් පත්ව තිබේ. ඉන්දියාව පසුගියදා චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යාවකාශ ගත කරමින් නව වාර්තාවක් තැබුවේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශ ගතකොට තිබිණි. ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගතකරන ලද චන්ද්‍රිකා අතරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය. කුඩා පරිමාණයේ සෙසු චන්ද්‍රිකා ඊශ්‍රායලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවලට අයත්ය. 

චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණ් ඉන්දියාවේ පිහිටි ශ්‍රීහරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ට්විටර් සමාජ ජාලය ඔස්සේ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිය රටට සහ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වත් ප්‍රජාවට ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම හඳුන්වා දුන්නේය.වාණිජ අවශ්‍යතා සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමේ වෙළෙඳපොළ තුළ අඩු පිරිවැය සහිත විකල්පයක් ලෙස ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන නමක් දිනා සිටියි. ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන ලෝක අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතුවෙමින් සිටින බවට මෙම නවතම අභ්‍යවකාශ මෙහෙයුම සංඥාවක් ලබා දී තිබේ.

එක්සත් ජනපදයේ නාසා ආයතනය පවා මෙතෙක් එකවර අභ්‍යවකාශ ගතකොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29කි. අභ්‍යවකාශ තරගයෙන් ඉන්දියාව අංක 1